උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

බදුල්ල ලංගම ප්‍රාදේශීය කාර්යාලයේ ආපන ශාලාව වහාම වසා දමයි…

ජයලත් දිසානායක – බදුල්ල

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකිරීමේ වරද මත බදුල්ල ලංගම ප්‍රාදේශීය කාර්යාලයේ ආපන ශාලාව වහාම වසා දමන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඊයේ (24) දින නියම කලේය.
මේ දිනවල පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමු කරමින් බදුල්ල ලංගම ඩිපෝ කාර්යාලයේ සේවකයින් නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියාවට නංවා ඇත්තදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ හා බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් හදිසි පරීක්ෂාවක් සිදු කලේය.
එහිදී ආපන ශාලාව පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් නිසි සෞඛ්‍ය ක්‍රමවේද පවත්වාගෙන නොගිය නිසා ආපන ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කල අතර ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයින්ට දැඩි අවවාද දුන් අතර ඉදිරියේදී මේ පිළිබඳව නිසි පරිදි සොයා බලන ලෙසටද ඩිපෝ කළමණාකාරිත්වයට දැනුම් දුන්නේය.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.