උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කොළඹ නාවික හමුදා මහ රෝහලේ දී නාවික හමුදා සෙබලා මිය ගොස් ඇත්තේ මී උණ රෝගය හේතුවෙන්

මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි.

මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ‍ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් :ස්වේච්ඡා දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා වන අතර, ඔහු 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණවලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇතග එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි. ඒ අනුව මී උණ රෝගී තත්ත්වය සඳහා ප්‍රථිකාර ලබමින් සිටියදී එම රෝගීතත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත්කර සිටියදී මෙම නිලධාරියා 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

මෙම මරණය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලදි. ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවිකටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.