උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

චීනයෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ..

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම අප්‍රේල් 24 දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටි. කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙම වැඩසටහන් සඳහා මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ආරක්‍ෂිත කබා, මුහුණු ආවරණ, අත් වැසුම්, ආරක්‍ෂිත කණ්නාඩි හා පුද්ගල උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ ඇතුලත් සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එම විෂයන්

නාවික හමුදාව වෙත භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් සහභාගීවී සිටි මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොන්ග් මහතා විසින් මෙම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.
තවද, නාවික හමුදාව වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් පැමිණි විශේෂිත පිරිස වෙත කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.