උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

මහාමාර්ගවල සහ පොදු ස්ථානවල ගැවසීම අවම කිරීම්ට ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීමේ ක්‍රමවේදයක්.

කොරෝනා ව්‍යාප්ති දත්ත සහ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ඇඳිරි නීතිය බලපැවැත්වුණු දිනවකවානු වෙනස් කිරීමට රජය තීරණය කර ඇත. නමුත් රටේ ආර්ථිකමය ස්ථාවරත්වය සහ රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව පවත්වාගන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය සේවා සහ රජයේ ආයතන දැඩි කොන්දේසි මධ්‍යයේ ආරම්භ කිරීමට සිදුවේ.

මහාමාර්ග වල සහ පොදු ස්ථාන වල ගැවසීම අවම කිරීම් සඳහා තම හැඳුනුම්පත් අංකය අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබාගැනීමට නිවසින් බැහැරවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලදී.

සඳුදා. : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

රජය විසින් මෙම කොන්දේසි සහ නීති පනවන්නේ අපේ ඔබේ සහ සමස්ථ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.