උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

බදුල්ල නීතීඥ සංගමය සියළුම විවෘත නඩු කටයුතුවලින් ඉවත් වේ

ජයලත් දිසානායක – බදුල්ල

covid – 19 වසංගත රෝගය ආසාදනය වීමේ බරපතල අවධානම වළක්වාගැනීම අරමුණ කර ගනිමින් විවෘත අධිකරණ නඩු කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ වත්මන් සභාපති නීතිඥ සුජීවන සිල්වා මහතා පැවසීය.
2020 04 28 වන දින පැවති බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ මහ සභාවට රැස්වූ සියළුම නීතිඥ මහත්ම මහත්මීන් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.
මේ වන විට බදුල්ල ප්‍රදේශයේ ඇතිව තිබෙන කොරෝනා රෝගය ආසාදනයවීමේ අවධානම් තත්වය සැලකිල්ලට ගනිමින් 2020/04/29 දින සිට 2020/05/06 දින දක්වා සියළුම අධිකරණවල විවෘත අධිකරණ නඩු කටයුතුවලට සහභාගි වීමෙන් වැලකී සිටීමට තීරණය කල බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කලේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.