උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නකල්ස් අනතුරේ – ඉඩම් මංකොල්ලයට එරහිව පැමිනිල්ලක්

2010 වසරේ යුනිස්කො සංවිධානය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නමි කරලා තියෙන්නේ

0 4,162
ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්

                                      සොබාදම් අසිරිය රැකගත් නකල්ස් රක්ෂිතයට අයත් ඉඩම් නීති විරෝධි ලෙස බදු දීමට එරෙහිව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය-

පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දේපාර්තමේන්තුව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව ඇතුලු ආයතන කිහිපයක් සඳහන් කර ඇත-

නකල්ස් පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස, 2007 ජුලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නම් කර ඇති බවත් එය  නිතී විරෝධි ලෙස බදු දීම නොකළ යුතුබවත් පරිසර සංවිධානය පෙන්වා දෙයි.

නකල්ස් රක්ෂිතයට සිදුවෙමින් යන මේ මහා පරිසර විනාශය හැකි ඉක්මනින් වහාම නතර කරවන ලෙස අදාළ අංශවලට නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර හා සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රව්න්ද්‍ර කාරියවසම් සහ නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ යන මහත්වරුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලෙන් කියා සිටීයි.

යුනිස්කො සංවිධනය විසින් 2010 වසරේදී නකල්ස් වන රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන්නේ මෙහි ඇති සුවිශේෂි ජෛව විවිධත්වය හා ජල පෝෂයක් වීම යන කරුණු රැසක් සැලකිල්ලට ගනිමිනි. මෙවැනි රක්ෂතයක් දේශපාලනඥයින්ගේ උවමනාව මත, තම හිතවතුන් අත බෙදා දිම නකල්ස් රක්ෂතයට සිදු කරන විශාල වන හානියකි.  මෙම අකට යුත්තට එරෙහිව සිවිල් සංවිධාන රැසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ සිටිහ.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්

 

ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්
post add media course 01

Leave A Reply

Your email address will not be published.