උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අතුරුදහන් වූ පාපන්දු ක්‍රීඩකයන් මුදවාගැනීමේ මෙහෙයුම කිමිදුම්කරුවෝ නැවත අරඹති.

0

ලක්ශ්‍රියා ගුණසේන
(CNN News ඇසුරින්)

තරුණ පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු උතුරුදිග තායිලන්තයේ ගිනිකොණ දෙසින් පිහිටි ගංවතුරෙන් යටවී ඇති ගුහාවක ගිලී අතුරුදහන් ව ගොස් තිබෙනවා.
මෙම පිරිස් මෙසේ අතුරුදහන් ව දැනට දින 05 ක් පමණ ගතවන අතර, මෙම පිරිස සොයාගැනීමට එක්සත් ජනපද හමුදා කිමිදුම්කරුවන් පසුගිය බදාදා සහ අඟහරුවාදා යන දෙදින ම මෙම ගුහාව අසලට පැමිණි නමුත් ගංවතුර හේතුවෙන් එහි ඇතුල් වීමට හැකි වී නැහැ.
ඔවුන් ගුහාව ඇතුළට ගොස් ඇති නමුත්, ඔවුන්ට ගංවතුර හේතුවෙන් පිටතට පැමිණීමට හැකි වී නැහැ. නමුත් ඔවුන් සතුව දිය යටින් පිහිනීමේ ඇඳුම් කට්ටල තිබූ බවත් පැවසෙනවා.
කෙසේ නමුත් කිමිදුම් කණ්ඩායම මේ පිරිස මුදවාගැනීමට අධික වෙහෙසක් දරා ඇති නමුත් මේ වනතෙක් ඔවුන්ට මෙම අතුරුදහන් වූවන් සොයාගැනීමට නොහැකි වූවා.
ඔවුන් නැවතත් මෙම පාපන්දු ක්‍රීිඩකයන් පිරිස සෙවීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම අතුරුදහන් වූ තරුණ පිරිස වයස අවු. 11 ත්, 16 ත් අතර බව පැවසෙන අතර, පුහුණුකරුවා අවු. 25 හැවිරිදි වන බව ද පැවසෙනවා.
මෙම ගුහාව අසල නතර කර තිබී ඔවුන්ගේ පාපැදි හමු වී ඇති බවත් පැවසෙනවා.
මොවුන්ගේ දෙමාපියන් පවසන්නේ සිය දරුවන් නැවත පැමිණෙන බව ඔවුන්ට විශ්වාස බවයි.

 

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.