දකුණු අප්‍රිකාවේ මෘත ශරීරාගාරයක මිය ගිය කාන්තාවක් හුස්ම ගනියි.

0

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News ඇසුරින්)

දකුණු අප්‍රිකාවේ මෘත ශරීරාගාරයක ශීතකරණයෙන් හුස්ම වැටෙමින් තිබෙන ගැහැනු මළ සිරුරක් හමු වී තිබෙනවා.
අනතුරකට ලක් වූ කාන්තාවක කාල්ටන්විල්හි මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇති අතර, ඩිස්ට්‍රස් ඇලර්ට් ගිලන් රථ සමාගම පවසන්නේ කිසිම ආකාරයකින් ජීවත් වන සලකුණක් ඇය නොපෙන්වූ බවයි.
නමුත් මෘත ශරීරාගාරයේ සේවකයෙක් නැවත මෘත ශරීරාගාරයේ ශීතකරණය පරික්ෂා කරන විට ඇය හුස්ම ගන්නා බව පෙනී ගොස් තිබෙනවා.
පසු ව ඇය ජොහැන්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන අතර, ඇගේ නමක් සඳහන් වන්නේ නැහැ.
“පොලිසිය මේ ගැන කතා නොකරන්නේ නම් මේ තත්ත්වයට වග කිව යුතු අය කවුරුන්දැයි පවුලක් වශයෙන් අපිට මේ සඳහා පිළිතුරු අවශ්‍යයි,” යනුවෙන් පවුලේ සාමාජිකයෙකු ඊඊක්‍ පුවත් සේවයට පවසා සිටියා.
ඔහු පවසන්නේ මුළු පවුලම මේ සම්බන්ධයෙන් කම්පාවට පත් ව සිටින බවයි. තවදුරටත් කිසිදු පැහැදිලි කිරීමක් අනවශ්‍ය බවත්, මේ සඳහා පිළිතුරු අවශ්‍ය බවත් ඔහු පවසා සිටිනවා.
ඩිස්ට්‍රස් ඇලර්ට් ගිලන් රථ සමාගමේ කලමනාකරු පවසන්නේ, ඔහුගේ සමාගම කිසිදු ආකාරයකින් නොසැලකිල්ලෙන් කටයුතු නොකරන බවයි. මෙයට හේතුව සිය වෛද්‍ය වෘත්තිකයන් පුහුණුව මදිකම නොවන බව ඔහු පවසනවා.
ඔහු පවසන පරිදි පසුගිය ඉරිදා දින සිදුවූ දෙදෙනෙකු මිය ගිය රිය අනතුරකින් ඇය, එක් අයෙකු බවයි.
මිය ගිය පුද්ගලයෙකු සිය නින්දෙන් අවදි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, ජනවාරි මස ස්පාඤ්ඤයේ බන්ධනාගාරයෙන් මේ සමාන සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එසේම මීට වසර 07 කට පෙර දකුණු අප්‍රිකාවේ ම නැගෙනහිර පිහිටි මෘත ශරීරාගාරයකින් මිය ගිය පුද්ගලයෙකු නැගිට තිබෙනවා. තව ද 2016 වර්ෂයේදී හදිසි අනතුරකින් මිය ගිය තැනැත්තෙකු පසු දින හුස්ම ගන්නා බව සොයා ගත්තා. ඉන් පැය 05 කට පසු ඔහු මිය ගියා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.