උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

තායිලන්තයේ ගුහාවල සිරවූ පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු සොයාගැනේ.

0

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News ඇසුරින්)

තායිලන්තයේ ගල් ගුහාවේ සිරවූ පිරිමි දරුවන් 12 දෙනා සහ පුහුණුකරු පසුගිය සඳුදා දිනයේ සොයාගෙන ඇති අතර, ගුහාව තුළදීමට ඔවුන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
මේ සඳහා වෛද්‍යවරයෙකු සහ හෙදියන් 07 දෙනෙකු කිමිදී එහි ගොස් තිබෙන අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිරිස දින 09 ක් තිස්සේ මේ ගුහාවේ සිරවී සිටිනවා. අධික වර්ෂාපතනය නිසා ගංවතුර ගලා ඒමෙන් ඔවුහු ගුහාවේ සිරවී තිබෙනවා.
ගුහාවේ ජලය පොම්ප කිරීම මඟින් ඉවත් කිරීමට මේ වනවිට උත්සාහ දරමින් සිටින අතර, මෙම දරුවන්ට දුරකතන මඟින් නිවෙස් හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මොවුන් මෙම ගුහාවෙන් පිටතට පැමිණීමට නම් කිමිදීම උගත යුතු අතර, නොඑසේනම් වතුර බැස යනතුරු මාස ගණනාවක් එහි රැඳී සිටීමට සිදුවන බවයි පැවසෙන්නේ.
නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඇපගොන් යොකන්ගොව් පවසන්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය යටතේ ඔවුන්ට විටමින් සහ ඛනිජ සමඟ අධි ශක්තිජනක ආහාර ලබාදුන් බවයි.
එසේම කණස්සලු නොවන ලෙසත්, නාවික හමුදාවේ ආරක්ෂාව ඔවුන්ට හිමිවන බවත්, ඔවුන් විසින් එම දරුවන් ව සුරක්ෂිත ව රැගෙන එනු ඇති බවත් ඔහු පවසනවා.
මේ පිරිස ගුහාවට ඇතුළුවන විට ගුහාව වියළි ස්වභාවයෙන් පැවතී ඇති අතර, හදිසියේ කඩාහැලුණු වර්ෂාව නිසා ගුහාවේ දොරටුව අවහිර වී ඇති බව වාර්තා වෙනවා.

post add media course 01

Cancel Reply

Your email address will not be published.