උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ජපානය දශක ගණනාවකට පසු සිදු වූ දරුණුතම ගංවතුර ව්‍යසනයට මුහුණ පා සිටියි.

0

දශක ගණනාවක් තිස්සේ ජපානය දරුණු කාලගුණික තත්ත්වයෙන් පීඩා විදිමින් සිටින ජපානය, 1982 න් පසු ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ පා සිටිනවා.
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග ඇති වී ඇති ගංවතුර හා නායයාම් තත්ත්වය නිසා මේ වනවිට ජපානයේ 179 ක් පමණ පිරිසක්  මිය  ගොස්, තවත් 70 ක් පමණ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.
ජපානයේ මධ්‍යම හා බස්නාහිර පළාත්වල මිලියන ගණනාවක පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස දන්වා ඇති බවත් පැවසෙනවා.

වතුරෙන් යටවූ මාවත් ඔස්සේ තොරතුරු ලබාගත නොහැකි වීම හේතුවෙන් සුපිරි වෙළඳ සැල්වලට ආහාර නොලැබෙන බැවින් ආහාර සපයාගැනීමට ද නොහැකිවී ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රාන්ත 23ක මිලියන 8.3 ක ජනතාවකට නිවෙස්වලින් බැහැර වන්නට නියෝග කර ඇති අතර, අවතැන් වූවන් පාසැල් ශාලා සහ සරඹ ශාලාවල මේ වනවිට තාවකාලික ව නවාතැන් ගෙන සිටිනවා.
300 ක් පමණ දෙනා ඔකායමා ප්‍රාන්තයේ ඔකාඩා ප්‍රාථමික විදුහලේ පාසැල් ව්‍යායාම ශාලාවේ නිල් කලාල මත නිදාගෙන සිටිනවා.
නුවූ කුඩා දූපතේ සිසුවියන් 6 දෙනෙකුගෙන් පමණක් යුතු ප්‍රාථමික විදුහලක අවුරුදු 6 සහ 9 හැවිරිදි දෙසොහොයුරියන් ගංවතුර හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින මරණයට පත් ව තිබෙනවා.
රොයිටර් වාර්තාවලට අනුව හිරෝෂිමාහි නායයාමෙන් නිවෙසේ සිටි තෙහැවිරිදි දරුවෙකු මරණයට පත් ව ඇතැයි වාර්තා වූ බව බීබීසී පුවත් සේවය පවසනවා.


රටේ මුළු නිවාස 270,000 කට පමණ ජලය සැපයීම අත්හිටුවා ඇති අතර, තවත් විශාල පිරිසකට විදුලිය සැපයීමට අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.
ගිනි නිවන හමුදාව සහ හමුදාව ඇතුළු 70,000 කට අධික පිරිසක් මේ වනවිට සහන සේවා කටයුතුවල නිරත ව සිටිනවා.

post add media course 01

Cancel Reply

Your email address will not be published.