උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කළු ගඟ රන් දියවර මංගල්‍යය හෙට

0 303
මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ම ක්‍රියාත්මක වන කළු ගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මංගල්‍ය හෙට (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.
දිවයිනේ පළාත් හතරක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැබේ. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණය. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ  පෝෂණය කෙරෙනු ඇත.
මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරේ. එම වාරි ඇළේ උමං මාර්ගය කිලෝමීටර් 28කි. මහ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තය.  මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙදින සිදු කෙරේ.

 

 

 

 

 

 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
post add media course 01

Leave A Reply

Your email address will not be published.