සෝමවීරයන්ගේ තෙමස් ගුණ සැමරුම අද(6) පැපිලියාන සුනෙත්‍රදේවි පිරිවෙනේදී

0 1,165
ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතාවෙන් කෙටිකතාවෙන් ටෙලිනාට්‍ය හා චිත්‍රපට සදහා තිරකතාවෙන්ද සුවිසල් මෙහෙයක් ඉටුකළ සෝමවීර සේනානායකයින් දැයෙන් සමුගෙන අදට (06) තෙමසක් සම්පූර්ණවේ. එය නිමිති කොටගෙන “සෝමවීර සේනානායක” ගුණසැමරුමක් අද පැපිලියාන සුනෙත්‍රා දේවී පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම උත්සවයේ මුලසුන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පාලී හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැපිලියාන සුනෙත්‍රාදේවී පිරිවෙනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි හොබවන අතර සම්මානිත මහාචාර්ය ජේ බී දිසානායක නිතීඥ ඩග්ලස් සිරිවර්ධන අකලංක සේනානායක ගුණ සැමරුමේ ප්‍රධන දේශන පවත්වනු ලබයි.
ටෙලිනිස සංසදය හා බොරලැස්ගමුවේ අධ්‍යපන සහ සංස්කෘතික පදනම මෙම ගුණානුස්මරණ උත්සවය සංවිධානය කරයි. සෝමවීරයින් පිළිබඳ වාර්තා වැඩසටහනක් හා එතුම පිළිබඳ රචිත විද්වත් ලිපි සංග්‍රහයක්ද එළිදැක්වීමට නියමිතව ඇත.
post add media course 01

Leave A Reply

Your email address will not be published.