ගම්වැදුණු වනඅලියෙකු අනාරක්ෂිත වගාලිදකට වැටෙයි…

0
බාලසුරිය – ගලෙන්බිදුනුවැව

ගලෙන්බිදුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට රාත්‍රී 12 .00 පමන වන අලියකු ඇද වැටී ඇත.එය දුටු ගම්වාසීන් සඳහන් කර සිටියේ ඒරුවැව රක්ෂිතයෙන් තම වගාවන් කෑමට පැමිණි වන අලියකු මෙලෙස වගා ළිඳට වැටී ඇති බවයි.

රාත්‍රී කාලයේ පැමිණි වන අලියා එම ගම්මානයේ   කුඹුරු වගාවන්ට මෙන්ම බටහිර වූ වගා කිහිපයකට හානි කර තිබුණා.  මේ වන විට ඒරුවැව හා බමුණු තුව ආරක්ෂිත වලින් පැමිණෙන වන අලි හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින කුට්ටිකුල ම ජනතාව තම ජිවනෝපාය වශයෙන්  හේන් වගාව හා කුඹුරු ගොවිතැන් සිදකරන අතර ඒයට වන අලින්ගෙන් සිදුවන හානි හේතුවෙන් විසාල අපහසුතා රැසකට මුහුණ දී ඇති බව ගොවීන් පවසනවා .
මෙම හේතුවෙන් අද වන විට අලි මිනිස් ගැටුමක් දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇති අතර පසුගිය 8 වැනි දින අට්ටිකුලම ගම්මානයට යාබද අලුත්ගම ප්‍රදේශයට පැමිණි අලියෙකුට අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අතර මීට පෙර අවස්ථා ගණනාවක දී වන අලි කීපදෙනෙකුට ම,   ගොවින් භාවිතා කල ප්‍රාථමික ක්‍රම හේතුවෙන් ජිවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.
post add media course 01

Leave A Reply

Your email address will not be published.