උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

”සේනා ” දළඹුවා මර්දනයට කෘෂි රසායනය වැඩියෙන් යෙදිම, තවත් පාරිසරික ගැටලු රැසකට මුල.

1 417

සේනා දළඹුවා මර්දනය කිරිම සදහා ගොවින් අධි මාත්‍රාවෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් වගාවට හිතකර විලෝපිතයන් වදවී යාමෙන් වෙනත් රෝග පවා උග්‍රවීමේ අවධානමක් ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.

`මාතලේ දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු හෙක්ටයාර් 400ක් පමණ වගා කර ඇති බවත් එයින් හෙක්ටයාර් 65කට පමණත් ගෝවා වගා බිම් හෙක්ටයාර් එකකටත් සේනා දළඹුවා හානිකර ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.

ජනවාරි 22 දින පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.

2019.01.20 වන විට ලංකාව පුරා බඩ ඉරිගු හෙක්ටයාර් 81855ක් වගාකර ඇති අතර එයින්හෙක්ටයාර් 48956ක ප්‍රමාණයක් සේනා දළඹු වසංගතයට ගොදුරු වී ඇති බවද ජයතිලක මහතා පැවැසීය. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව යන ප්‍රදේශවල බහුල වශයෙන් සේනා දළඹු හානිය වාර්තා වේ.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත කෘමිනාශක නියමිත මාත්‍රාවෙන් යෙදීමෙන් වසංගතය පානය කරගත හැකි බවද ඒ මහතා පැවසීය.

මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.

post add media course 01
1 Comment
  1. foloren torium says

    Really instructive and excellent complex body part of content material, now that’s user friendly (:.

Leave A Reply

Your email address will not be published.