කොන්ත‍්‍රාත් මුදල් ලබාදෙන තුරු ගසක් උඩ උපවාසේ..

0 1,296

ගලෙන්බිඳුනුවැව – බාලසුරිය

ගලෙන්බිඳුනුවැව සෝමියෙල් පෙදෙසේ පරන යකල්ල අයුර්වේදය තිබු ස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින තරැන සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිවෙන ගොඩනැගිලි මේවන විට සාද අවසන් අදියටර පත්ව ඇති නමුත්    එහි උප කොන්ත්‍රාත් කරැවකුට ප්‍රධාන කොන්ත්‍රාත් ආයතනයෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා බලවත් අසීරුතාවයකට පත්ව ඇති බව උප කොන්ත‍්‍රාත්කරු පවසයි ගලෙන්බිඳුනුවැව උපුල්දේණිය පදිංච් වයස අවුරුදු 48 පමන වන දෙදරැ පියකු වන  උප කොන්ත‍්‍රාත්කරු ,තමාට ලැබිය යුතු මුදල් නොලැබීම හේතුවෙන් තම සේවකයන්ට මුදල් ගේවා ගැනිමත් තම දෛනික කටයුතු අඩලව ඇති බව පවසා එම වැඩ බිමේ පිහිටි අඩි 40 පමන උස ගසක් මත නැගි දෙවන දිනටත් උපවාසයේ නිරිතව සිටි.

මිට දින දෙකකට (10) උදැසන මෙම ගස මතට නැග තම ඉල්ලීම් ඉල්ලා දිටි අතර එහිදි ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් මැදිහත්ව අදාල අයතනය සමග සාකච්ඡා කොට එදින මුදල් ලබා දෙන බවට පොරොන්දුවක් වී ගසෙන් බස්සවා ඇති අතර අද වන විටත් එම පොරොන්දුව ඉටු නොවනු බව පවසා අද (12) උදැසන 8.00 පමන නැවත එම ගස මතට නැග ඇත.
ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමින උපවාසකරන පුද්ගලයා ගසින් බැස්සවීමට උත්සහයක් කලද තම මුදල් ලැබෙන තුරැ ගසින් නොබසින බව පවසා තවමත් එම ගස මත නැග සිටි.
post add media course 01

Leave A Reply

Your email address will not be published.