උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

පාර්සල් තැපැල් කිරිමේදි, තැපැල් නිලධාරින්ට පෙන්වීමට මහජනතාව කාරුනික වෙන්න

0 3,115

දැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක්,තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස සියළු තැපැල් ස්ථානාධිපතිවරු වෙත දැනුම් දී ඇත.

ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස මහජනතාව වෙත තැපැල්පතිවරයා දැනුම් දෙන අතර බැහැර සිට ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම,කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළ ඇසුරුම් කරන ලෙස ,මහජනතාව වෙත තැපැල් කාර්යාලයේදී උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි.

එහෙයින් සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සඳහා සියළු පාර්සල්, තැපැල් කාර්යාලය තුලදී ඇසුරුම් බාරදෙන ලෙස මහජානතාව වෙත දැනුම් දෙන බවද පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවද තැපැල්පතිවරයා පවසයි.

 

 

 

 

post add media course 01

Reply To Anonymous
Cancel Reply

Your email address will not be published.