උණුසුම් පුවත්
නායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයි

ආර්ථීක බෝගයක් ලෙස කෝමාරිකා වගාව, ව්‍යාප්ත කිරිමට රජයේ අවධානය..

0 318

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව කෘෂි ව්‍යාපෘති දියුණු කිරීමේ වැඩසටහනක් ලෙස කෝමාරිකා වගාව ව්‍යාප්ත කෙරේ

ඖෂධීය ගුණයකින් යුත් ශාකයක් වන කෝමාරිකා වගාව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් කේන්ද්‍ර කරගෙන ආර්ථික බෝගයක් ලෙස වගා කරමින් කෝමාරිකා යුෂ පානය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ගොවීන් දිරිමත් කිරීම, ගොවීන්ට නව තාක්ෂණය හඳුන්වාදීම, ග්‍රාම්‍ය ව්‍යවසායකයින් දිරිමත් කිරීම, ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දිනවල පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන මඟින් සිදුකරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් ඩී. බී. ඇල්ලේපොල මහතා පවසයි.

කෝමාරිකා වගාව ආශ්‍රිතව යුෂ පානය ජනතාව අතර ජනප්‍රිය වී ඇති අතර කෝමාරිකා යුෂ පදනම් කරගෙන මේ වනවිට රූපලාවන්‍ය නිෂ්පාදනයන් වෙළඳපළට පැමිණ තිබේ. වෙළඳපළ ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනයක් ලෙස දියුණු කිරීමට නම් කෝමාරිකා වගාව තවදුරටත් ගොවීන් අතර ප්‍රචලිත කළ යුතුය. මේ සඳහා ගම්පහ ගොවිජන සේවා මධ්‍යස්ථානය ගොවීන් දිරිමත් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම, සමෘද්ධි බැංකු ආශ්‍රිත ණය ලබාදීම දැනටමත් ආරම්භ කර තිබේ. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන මඟින් තවදුරටත් මෙම වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, මාර්ගෝපදේශනය ලබා දීමට කටයුතු කරන අතර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද කෝමාරිකා වගාව දියුණු කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් අංශය අවධාරණය කරයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.