උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

“ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල – අද (19) පැවැත්වේ

0 125

 

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ,රාජ්‍ය ජායාරූප උපදේශක සභාව එක්ව සංවිධානය කරන “ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල – 2019 ” අගෝස්තු මස 19 දින ප.ව. 2.00 ට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම උළෙලේදී ජායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතම ජායාරූප ශිල්පීන් සඳහා ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන “ජායාරූපාභිමානි” ගෞරව රාජ්‍ය සම්මානය ප්‍රවීන ජායාරූප ශිල්පීන් වන ගාමිණී ජයසිංහ සහ පී.යූ.ඩී. පෙරේරා යන මහත්වරුන් වෙත ප්‍රදානය කිරීම සිදු කෙරේ. ජායාරූප ශිල්පය පිලිබඳ වටිනා ලිපි ඇතුලත් වාර්ෂික රූපාවලෝකන ප්‍රභාලේඛක සාර සංග්‍රහය – 2019 එළි දැක්වීමද මෙදින සිදු කිරීමට කටයුතු යොදා ඇත.
දෘෂ්‍ය සංස්කෘතිය හා ජායාරූපය අතර සම්බන්ධය යන මැයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්භ කලා අධ්‍යයනාංශයෙහි කථීකාචාර්ය උපුල් ජයන්ත රණේපුර මහතා මෙහිදී විද්වත් දේශනය පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙලට සමගාමීව Canon, Fuji film, Sony, Nikon, අනුග්‍රහයෙන් නව තාක්ෂණය හඳුන්වා දීමේ “ BRIGHT EXPOSURE’ 19 ” ප්‍රදර්ශණය අගෝස්තු 23, 24, 25 යන දිනයන්හි පෙ.ව.10.00 – ප.ව. 6.00 දක්වා ජේ.ඩී.ඒ. පෙරේරා අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී 2016, 2017, 2018 රාජ්‍ය ජායාරූප උළෙල තරඟයන්ගේ සම්මානිත ශිල්පීන්ගේ නව සේයා රූ ඇතුළත් ප්‍රදර්ශනය හා ජායාරූප ශිල්පය සහ කලාව පිලිබඳ උනන්දුවක් දක්වන් පාසල් සිසුන් සහ නවක ශිල්පීන් ඉලක්ක කරගනිමින් වැඩමුළු සහ දේශන රැසක් ද පැවැත්වීමට නියමිතය.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.