උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…

කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.

0 228

 

අද එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකොබ් මහතා සහභාගි වේ.

ප්‍රදර්ශනය අද(20) සිට මේ මස 29 වන දින දක්වා දිනපතා උදෑසන 9.00 සිට රාත්‍රි 9.00  දක්වා පැවැත් වේ. ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයිනගේ සංගමය 1999 සිට සෑම වසරකම  කොළඔ ජාත්‍යත්තර පොත් ප්‍රදර්ශනය පවත් වන අතර මෙවර 21 වෙනි වතාවට පැවැත්වේ.

මෙවර කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 445කින් සමන්විත වන අතර විදේශ වෙළෙඳ කුටි 60ක් ඊට ඇතුලත් වේ.

මිට සමගාමිව  දින පතා සංස්කෘතික සංදර්ශන,ළමා නාට්‍ය හා ළමා ක්‍රියාකාරකම්,පුහුණු වැඩමුළු,විනෝදංනක ක්‍රිඩා  ආදි වැඩසටහන් රැසක් මිට ඇතුලත් වේ.

මේ අතර කොළඔ ජාත්‍යන්තර  පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල කිරිබත්ගොඩ,බොරැල්ල,බම්බලපිටිය හා අවට නගර කිහිපයක සිට බණ්ඩාරනායක  සම්මන්ත්‍රණශාලාව දක්වා නොමිලේ බස් සේවාවක ද ක්‍රියාත්මක වේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.