මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක්

103

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන අතර ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, මාධ්‍යවේදී තාරුණ්‍ය සඳහා අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි උසස් ඩිප්ලෝමාවක් ලබා දීම සඳහා මාධ්‍ය සඳහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක්  දින සියයක් ඇතුළත ආරම්භ කරන බව කීය.

මාධ්‍යවේදීන් සඳහා විවිධ ඩිප්ලෝමා ලබා දීම විවිධ මාධ්‍ය ආයතන හරහා සිදු කෙරෙන බවත්,එසේ වුවද,මෙම පාඨමාලාව සඳහා ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින් හා ආචාර්ය,මහාචාර්යයවරුන් ගේ සහයෝගය ලබා ගන්නා බව ද පැවසීය.

එසේම මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා වසරකට සිසුන් 500-1000ක් අතර බඳවා ගන්නා බව පැවසු අමාත්‍යවරයා, සති අන්තය හා පස්වරුවේ දේශන පැවැත් වීමට සැලසුම් කර ඇති බව පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.