උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

302

කලා ඔය ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාව තාවකාලිකව ඉවත්වන්න – මාර්ග අවහිරත්වයන්හි දී විකල්ප මාර්ග භාවිත කරන්න – නායයෑම් නිවේදන පිලිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මහවැලි ජල වාරි පද්ධතිය හරහා ජලය විශාල ප්‍රමාණයක් අනුරාධපුරය කලා ඔයට ඒකරාශී වන හෙයින් කලා ඔයේ ජලය පිටාර ගැලීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාවට තාවකාලිකව ඉවත්වීම වැදගත් වන බව අනුරාධපුර දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය වාර්තා කර සිටින බව ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනුව, තලාව, තඹුත්තේගම, ඉපලෝගම, ගල්නෑව යන ගම්මාන වල ජනතාවට මෙලෙස තාවකාලිකව ඉවත්වන්නැයි දැනුම් දී ඇත.

තව ද, පානම ප්‍රදේශයේ ඔකඳ නම් පාලමේ යම් අබලන්තාවයක් පවතින බැවින් එම තත්ත්වය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නිරීක්ෂණය කරමින් පවතින බව ද, මේ පිළිබඳව ද ජනතාව බෙහෙවින් විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, පස් කඳු කඩාවැටීම හේතුවෙන් උඩුදුම්බර, මී මුරේ මාර්ගය තවමත් වසා දමා ඇති බවත්, ජලගැලීම් තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ අවහිරතාවයක් ද පවතින හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

මේ වන විට මහනුවර, බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලට නායයාම් නිවේදන නිකුත් කර ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල – පල්ලේගම ප්‍රදේශයට සහ මහනුවර දිස්ත්‍රිකක්යේ උඩු දුම්බර ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත්, බදුල්ල, මොණරාගල අදියර එකේ නිවේදන ද නිකුත් කර ඇති බවත්, ඒ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් ආපදා කළමනාකරණ ඒකකයන් සමඟ පොලිසිය, ත්‍රිවිධ හමුදා ඒකකයන් ඒකාබද්ධ කර ඇති බව ද කොඩිප්පිලි මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් කියා සිටි

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.