නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වයේ වැඩි වීමක් …

දිවයින පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි අද (20 ) වැසි තත්ත්වය තරමක් වැඩි වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතීයැයි අපේක්ෂා කෙරේ.බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150) පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.(75-100) පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.