එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයි

46

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස්  අබේසේකර ශාන්ත සිසිර කුමාර  ඇප මත මුදා හැරීමට  හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ   මහතා අද ( 21 ) නියෝග කළේය.

මාස තුනකට අධික  කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි වෙනුවට සැකකරුගේ ලේ ඥාතින් දෙදෙනෙකු ඇප කරුවන් සේ ඉදිරිපත් විය යුතු වන අතර මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවිම සලකා බලා මෙම නියෝගය නිකුත් කරණ බවත් මහාධිකරණ විනිසුරු වරයා මෙහිදි පැවැසිය.

ඒ අනුව සැකකරුගේ පුතුන් දෙදෙනා, එක් අයෙක් හලාවත නගර සභාවේ සභාපති වලිමුනි මෙන්ඩිස් තුෂාන් චතුරංග, ඇප කරුවන් සේ පෙනි සිටියහ.

2004 මැයි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දි නීති විරෝධිව ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත සැකකාර මන්ත්‍රිවරයා සමග තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩුවේ එක් සැකකරුවෙකු මිය ගොස් සිටි අතර  තවත් අයෙකු නිදොස් කොට නිදහස් කර තිබුණි.

මෙම නඩුව විභාගයට ගත් පසු හලාවත මහාධිකරණ මගින් ඒ මහතා කොන්දේසි සහිතව ඇප නියම කරමින් මුදා හැර තිබුණි. ඒ අනුව මසකට වරක් ඉරු දිනයේ හලාවත පොලිසියේ පෙනි සිටිය යුතු බවට පනවා තිබු ඇප නියෝගය අනුව සැකකාර මන්ත්‍රිවරයා පොලිසියට පෙනි නොසිටි ම මත හලාවත පොලිසිය සැකකාර මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගෙන මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව  හලාවත හිටපු මාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වන දින සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියම කරණ ලදි.

වැඩිදුර නඩු විභාගය ලබන මස 6 වන දිනට කල් තැබිය.

රජයේ අධිනිතිඥ ලක්මාලි දිසානායක මහත්මිය පැමිනිල්ල මෙහෙයැ වු අතර නිතිඥ  නිහාල් සුමනධිර නිතිඥ සුමුදු ජයමාන්න යන මහත්වරුන්  සැකකරුවෙන් පෙනි සිටියහ

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.