උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ – නියෝජ්‍ය කතානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදු කළ දුරකථන සංවාදවලට අදාළ හඬපට කිසිවක් මේ දක්වා පාර්ලිමේන්තුවට භාර දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  ඊයේ පාර්ලිමේන්තුවේ දී සදහන් කලේ තමන් සතුව විවිධ පුද්ගලයන් සමග සාකච්ඡා කල දුරකථන සංවාද අඩංගු දත්ත පවතින බවත් ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත්ය.

කෙසේ නමුත් එවන් දත්ත කිසිවක් රාමනායක මන්ත්‍රිවරයා විසින්  පාර්ලිමේන්තුවේ සභාගත නොකළ බවයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු චෝදනා කලේ.

රාමනායක මන්ත්‍රිවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ තමන් සිරගතව සිටින බැවින් එම සංවාද අඩංගු CD තැටි ලබා ගැනීමට නොහැකි බවත් ඔහුගේ ලේකම්වරයකු මාමාර්ගයෙන් එම CD පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.