උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 250ක පාඩුවක් ගැන ඇමති හෙළිකරයි…

36

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තුන්වන අදියර ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වීම නිසා මේ වනවිට දිනපතා රුපියල් මිලියන 250ක පාඩුවක් ලංකා විදුලි මණ්ඩලයට සිදු වෙතැයි එහි නිලධාරීන් තමන්ට වාර්තා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති  අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය.

ඊයේ (23)  පස්වරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශයේ දී විදුලි බල ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැති අතර විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම වසර තුළ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය LNG බලාගාරයේ ද ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට  මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වේ. එමනිසා පළමුවෙන්ම නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ඉදි කිරීමේ කටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

පසුගිය රජයේ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ක්‍රියාත්මක නොකිරීමට පියවර ගැනීම නිසා අද වන විට සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබේ. ජාතික විදුලි බල පද්ධතිය තුළට ඉදිරි කාලය තුළ  හැකි තරම් පුනර්ජනනීය විදුලිබලය ආශ්‍රීතව අමතර විදුලි ධාරිතාවන් එක්කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත්, දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින් ම ආරම්භ කිරීමටත් තීරණය විය.

ජාතික විදුලි පනතේ වගන්තිවල සිර වී නොසිට විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පවරා ඇති ආයතන වෙන් වෙන් වශයෙන් නොව එකට සිට තීන්දු තීරණ ගන්නා ලෙසත්, අන්‍යෝන්‍ය වශයෙන් යම් යම් විවේචන තිබුනත්, ජාතික අවශ්‍යතාවයක් සේ සළකා කටයුතු කරන්නැයිද, නෛතික වශයෙන් මතුවන කාරණාවල දී රජය විසින් නීතිපති තුමා ඇතුලු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඊට අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.