යුද හමුදාව වශයෙන් අපට කළ හැකි උපරිමය යොදවා සිසුන් රැකබලා ගැනීමට කටයුතු කරනවා – යුද්ධ හමුදාධිපති…

යුද හමුදාව වශයෙන් කළ හැකි උපරිමය යොදවා චීනයේ වුහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද සියලු සිසුන් රැකබලාගැනීමට කටයුතු කරන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් හා පවුල්වලට අයත් සමාජිකයන් 33ක් රැගත් ගුවන් යානාව අද (1) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වූ අතර ඉන් අනතුරුව ඔවුන් විශේෂ ආරක්ෂවක් යටතේ දියතලාව වෙත රැගෙන යෑමට නියමිතය.

මේ සම්බන්ධයේ මාධ්‍යවෙත අඳහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

මත්තල ගුවන්තොටුපලට 33 දෙනෙකු රැගෙන එනු ලබුවා.ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් විසින් පරික්ෂණයකට භාජනය කරලා,මත්තල ගුවන්තොටුපලේ දී.ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන් වෙත සූදානම් කළ විශේෂ බස් රථයකින් මේ අවස්ථාවේ දී දියතලාව යුද හමුදා කඳවුරේ තිබෙන එක් වට්ටු සංකීර්ණයකට ඔවුන් යොමු කිරීමට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් රැකබලා ගැනීම සඳහා විශේෂ වාට්ටු සංකීර්ණ දෙකක් හා අමතර එකක් සූදානම් කර තිබෙනවා.ඔවුන් සඳහා යුද හමුදාවෙන් ඔවුන් සඳහා අවශ්‍ය සියලු දේ එම කාමරවලට ම සපයා තිබෙනවා.

අපේ රටේ ළමයි මේ පිරිස.ඔවුන්ට ලෙඩක් තියෙනවා කියන එක නොවේ මෙතැන තිබෙන්නේ.ඔවුන් දින 14ක් රැකබලාගැනීම තමයි,මේ අකාරයෙන් ජනාධිපතිතුමා විසින් ලබාදුන් උපදෙස් පරිදි මේ ආකාරයෙන් ඔවුන් යොදවන්නේ. යුද හමුදාව වශයෙන් අපට කළ හැකි උපරිමය යොදවලා ඔවුන් රැකබලාගැනීමට කටයුතු කරනවා.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.