උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අධික වටිනාකමකින් යුත් වාහන භාවිතයට තිත තබන්න…

දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පහසුකම් සහිත වාහනයක් භාවිත කිරීම පිළිබඳ මහජන විරෝධයක් මතු නොවන නමුදු  දිගින් දිගටම මහජන මුදල් අසීමිතව අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය...

දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළිබඳව හා දැනට භාවිත කරන වාහන ඉවත්කර අලුත් වාහන ලබාගත හැකි අවස්ථා  හා භාවිත කළ හැකි වාහන ප්‍රමාණය පිළිබඳව තොරතුරු ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා හට දන්වා තිබෙනවා.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, 1978 න් පසු  පසුගිය දශක 4ක පමණ කාලය තුළ මේ රටේ මහජන නියෝජිතයන් සුඛෝපභෝගී වාහන භාවිතයට දැඩි සේ නැඹුරුවී ඇත්තෙමු. ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් නොවන විදේශ ණය මත යැපෙන රටකට මෙය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවේ. පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්  පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනවලට ගිය වියදම පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වී ඇත. එමෙන්ම එසේ වාහන භාවිත නොකළ බවට ද ප්‍රකාශ නිකුත් වෙමින් පවතී.

“රාජ්‍ය නායකයා ලෙස ඔබ තුමන්, රාජ්‍ය මුදල් හා මානව සම්පත් කළමනාකරණය  පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳව අප ප්‍රසාදය පළ කරන අතර ඔබගේ කාලය තුළ අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම හෝ රාජ්‍ය මුදල් අවභාවිතයට ඉඩ නොතබනු ඇතැයි අප විශ්වාස කරමු. වගකීම් රැසක් දරමින් රටේ බොහෝ ප්‍රදේශවල  සංචාරය කිරීමට සිදුවන දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පහසුකම් සහිත වාහනයක් භාවිත කිරීම පිළිබඳ මහජන විරෝධයක් මතු නොවන නමුදු  දිගින් දිගටම මහජන මුදල් අසීමිතව අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ඔබ තුමන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා පහත යෝජනාවන් ඉදිරිපත් කරමු”.

පහත සඳහන් තනතුරු දරන දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළිබඳව හා දැනට භාවිත කරන වාහන ඉවත්කර අලුත් වාහන ලබාගත හැකි අවස්ථා  හා භාවිත කළ හැකි වාහන ප්‍රමාණය පිළිබඳව තොරතුරු ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමි.  මේ හරහා මහජන නියෝජිතයන්ගේ ගෞරවයද ආරක්ෂා කරගත හැකිවනු ඇත. එසේ නොවුනහොත් අවශ්‍යතාවය මත වාහනයක් මිලදී ගත්තද සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක්වීමට ඉඩ ඇත.

1.       සියලුම මහජන නියෝජිත ආයතනවල මහජන නියෝජිතයින්ට ( ජනාධිපති, අගමැති, කථානායක, නියෝජ්‍ය නායක, විපක්ෂ නායක, කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය,       නියෝජ්‍ය අමාත්‍ය, මහ ඇමැති, නගරාධිපති, සභාපති)  ආදි ලෙස ඒ ඒ මහජන නියෝජිතයින්ට ලබාගත හැකි වාහන

2.       ආණ්ඩුකාරවරුන්

3.       රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ වරුන්

4.       අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ඉහළ රාජ්‍ය නිලධාරීන්

5.       නිල වශයෙන් වාහන හිමි අනෙකුත් රාජ්‍ය නිලධාරීන්

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට හැකියාව ලදහොත් ඒ මගින් රාජ්‍ය සම්පත් අවභාවිතය වළක්වා ගත හැකිවනවා පමණක් නොව මහජන නියෝජිතයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයද රැකෙනු ඇති බවයි ඔහු ජනාධිපතිවරයා හට යැවූ ලිපියේ සදහන් වන්නේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.