උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ඩිපෝවකින් උපයා ගන්නා ආදයම ඉහළට…

26

ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝවකින් උපයා ගන්නා ආදයම ඉහළ ගොස් ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ. මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතුරින් ඩිපෝ 12 හැර අනෙකුත් ඉතිරි ඩිපෝ 95 මෙම ආදායම උපයා ඇත.ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළේය.

දැනට පාඩු ලබන බස් ඩිපෝ 12 තුළ ඉහළම පාඩුවක් වාර්තා වන බවත් එම බස් ඩිපෝද, ආදායම් ලබන තත්ත්වයට පත් කිරීම සඳහා නව පියවර රැසක් ගැනීමට යෝජනා කර තිබේ.

මෙතෙක් පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංගම පසුගිය මාසය තුළම ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීම හැකි වුයේ නව රජය තුළ සේවක උනන්දුව ඉහළ යාම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලංගම අපේ රටේ පැරණිම රාජ්‍ය ආයතනයක් වන නිසා එහි කීර්තිය පවත්වාගෙන යමින් විනයගරුක හා නීතිගරුක, සෙසු රියදුරන්ට ආදර්ශවත් ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගමනය උදෙසා ඉදිරියේදී තවත් නවමු වැඩසටහන් රැසක් මේ වනවිට යෝජනා කර තිබේ.

රජයට බරක් නැති ආයතනයක් වශයෙන් ලංගම ඉදිරි කාලය තුළ ඉහළම ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් අලුතින් බස් රථ 500ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබීමත් මෙම වසර තුළ Low Floor Bus හෙවත් පහත් පතුල් සහිත බස් රථ 2000ක් ලංගම බස් රථ ඇනියට එක් කිරීමට රජය තීරණය කර තිබේ.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.