උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

දකුණු අධිවේගයේ හම්බන්තොට කොටස 23 දා විවෘත වෙයි…

57

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම  අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කිරීමට නියමිතය.

පසුගිය ජනපතිවරණයට පෙර යහපාලන රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන්  නොකර විවෘත කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුව අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙසයි.

දක්ෂින අධිවේගී මාර්ගයේ නව කොටස විවෘත කිරීම මගින් ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක් හා ගුවන් තොටුපොළවල් දෙකක් සම්බන්ධ කරන හෙයින් ඒ හරහා භාණ්ඩ හා මගී ප්‍රවාහනය තවදුරටත් පහසු වෙයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.