උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000 කින් සමන්විතයි

21

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී.

එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබදව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවද සභාපතිවරයා පැවසුවේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.