උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

රටවල් 48 කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය…

45

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ  2019 අගෝස්තු 01 වැනි දා සිට මාස 06 ක කාලයක් සදහාය. ඒ අනුව එම කාලය 2020 ජනවාරි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා මෙම පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.