උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

මැයි මාසයේදි තේවතු රජයට ගෙන ජනතාවට බෙදාදෙනවා

65

මැයි මාසයේදි තේවතු රජයට ගෙන ජනතාවට බෙදාදෙනවා

මේ රටේ වසා තිබෙන තේ කර්මාන්තශාලා හා තේවතු ලබන මැයි මාසය වෙද්දි රජයට පවරාගෙන කුඩා තේවතු හිමියන්ට අක්කර දෙකේ සිට පහ දක්වා ප්‍රමාණයක් බෙදා දෙනවා යැයි තේ කර්මාන්ත  රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා  පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

මේ රටේ වතු සමාගම් 23ක් තිබුනට තේ කර්මාන්තය වලපල්ලට ගිහිල්ලා වතු සමාගම් නැවත වගා කරන්නේ නෑ. නව වැඩ පිළිවලක් නැතිවුනොත් තව වසර පහක් යද්දී අපේ රටේ තේ කර්මාන්තය වළපල්ලට යනවා මේ තත්වය නැතිකරගන්න ඕනි නිසා තමයි වගා නොකරන තේ වතු එම සමාගම් වලින් රජයට පවරාගෙන ගමේ ඉන්න කුඩා තේ වතු හිමියන්ට බෙද දෙන්නේ.

වතු සමාගම් තමයි පසුගිය කාලේ පැළ තවාන් පවත්වාගෙන ගියේ ඒ අයට භුමිය,කම්කරුවන් හා තාක්ෂණය තිබුනා දැන් වතුවල තවාන් කරන්නෙත් නෑ.

පැළ තවාන් නොකරන තේ වතු වල බලපත්‍ර ආය අළුත් කරන්නේ නෑ.ලබන මැයි මාසයෙන් පස්සේ වතු සමාගම් වලට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

ලබන මැයි මාසයේ එන අළුත් අයවැයෙන් තේ හෙක්ටාරයක් වගා කරන්න කුඩා තේවතු හිමියන්ට  රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාදෙනවා වගා භුමි වලට නව වාරි පද්දති හදන්න ඕනි.අපි නව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරලා අපේ රටේ තේ කර්මාන්තය නැත  නගාසිටුවනවා තේ ශක්ති අරමුදලේ කොටස්කරුවන්ට අයත් මුදල්  ඒ අය ඉල්ලනවා අපි බලද්දි අරමුදලේ ශත පහක්වත් නෑ පසුගිය ආණ්ඩුව ඒ මුදල් විනාශ කරලා නමුත් එම මුදල් කොහෙන් හරි ඇගෙන දෙන්න අපි උත්සාහ කරනවා.

මෙම අවස්ථාවට බදුල්ල දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ, තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ තෙන්නකොන් යන අය සහභාගි විය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.