ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.

ඊයේ අලුයම දින ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින්  ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝ‍ටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන්  17 ක් අත්අඩංගුවට ගැනිමට මහනුවර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත් විය.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතුරින් එකොළොස් දෙනෙක් සන්තකයේ තිබි  කේරළ ගංජා ද හතර දෙනෙකු සන්තකයේ තිබි හොරොයින් ද දෙදෙනෙකු සන්තකයේ තිබි  එක්‍ස්ටසි  මත්පෙති ද වැඩිදුර විමර්ෂනයේදි සොයා ගැනිමට සුරාබදු නිලධාරින්ට හැකි විය.
 මුහුණු පොතෙන් සංවිධානය කරන ලද මෙම සාදය සදහා දිවයිනේ පිළිගත් විශ්ව විද්‍යාවල සිසුන් ඇතුළුව 300-400 කට ආසන්න පිරිසක් සහභාගි වි තිබුණි. උපාය දුතයෙකු මාර්ගයෙන් මෙම සාදය සදහා සුක්ෂම ලෙස සහභාගි වු සුරාබදු නිලධාරින් අලුයම් කාලය වන විට පුද්ගලයින් 200 ක් පමණ සෝදිසි කර එයිනුත් විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තිබි පුද්ගලයින් 17 ක් අල්ලා ගෙන සෙසු පිරිස මුදා හරින ලදි. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු 18-25 ත් පසුවන තරුණයින් පිරිසක් වන අතර ඔවුන් මහනුවර, ත්‍රිකුණාමලය, මාවනැල්ල, පොළොන්නරුව ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙති.
 අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් බී වාර්තාවක් මගින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයන්හි නඩු පැවරිමට නියමිතයි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.