උණුසුම් පුවත්

ඉන්ධන වංචාවකට ශ්‍රී ලාංකිකයෙක් ජපානයේ දී අත්අඩංගුවට…

වංචනික ලෙස ඉන්ධන මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට  20 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ශ්‍රී ලාංකිකයා තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ එක්ව වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට්කාඩ් පත් යොදා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට ඉබාරකී ප්‍රාන්තයේ ඉන්ධන හල්වලින් මොවුන් විසින් ඉන්ධන ලීටර් 40,000ක පමණ ප්‍රමාණයක් වංචනික ලෙස ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ටෝකියෝ පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

ඔවුන් විවිධ අවස්ථාවලදී එම ප්‍රාන්තයේ පිහිටි ඉන්ධනහල් 10කින් ජපන් යෙන් මිලියන 4කට අධික වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් ලබාගෙන ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.