උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ටෙලෝ සංවිධානයේ 50 වැනි සංවත්සරයේදී දෙපිරිසක් අතර ගැටුමකින් තිදෙනෙකුට තුවාල

ටෙලෝ සංවිධානයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් වවුනියාවේ ඊයේ (16) සවස සංවිධානය කොට තිබූ උත්සවයකදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තිදෙනෙකු තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

ටෙලෝ සංවිධානයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් එම සංවිධානයේ සංවිධායකයින් පිරිසක් විසින් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලවේදී මෙම උත්සවය සංවිධානය කොට තිබූ අතර එහිදී උත්සවය අතර ආරම්භක අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපිරිස අතර පහරදීගැනීමක් සිදුව ඇති බවට පොලිස් මූළික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී තුවාල ලැබූ තිදෙනාගෙන් එක් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අනෙක් දෙදෙනා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අදාල තරුණයින් දෙපිරිස අතර ඇතිවූ දේශපාලනික ගැටලුවක් දුරදිග යාම මෙම ගැටුමට හේතුව වී ඇති බවට හෙලිවී ඇතැයි පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.