උණුසුම් පුවත්

ශවේන්ද්‍රට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ යුද අපරාධ චෝදනා විභාග කළ යුතුයි – එම්.කේ.සිවාජිලිංගම්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළුවීම වළකාලමින් තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය(icc) හමුවේ විමර්ශණය කර යුක්තිය ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්ගයෙන් ආරක්ෂක මණ්ඩලය වෙත යොමුකර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විභාග කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදය විසින් එරටට ඇතුළුවීම වළකාලමින් පනවා ඇති තහනම පිළිබද අද (17) මාධ්‍ය වෙත අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.