උණුසුම් පුවත්

වන අලි දෙදෙනෙක් එකා පිට එකා වැටි මියගිහින්….

මිනිපේ, 05 කණුව, හදගනාව බටුමුල්ල වසමේ හා උඩයාගල වසම් දෙක මායිමේ ගොවි බිමක් ආසන්නයේ වන අලි දෙදෙනෙකු එකා පිට එකා වැටී මියගොස් ඇති බවට හසලක පොලිසිය වෙත අද  උදැසන ලැබුනු තොරතුරක් අනුව පොලිසිය හා වනජීවි නිළධාරින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවට හසලක පොලිසිය පවසනවා.

වගා භූමිය වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී අලි දෙදෙනා මිය යන්නට ඇති බවට පොලිසිය සැක ඵල කර සිටින අතර, වනජීවි දෙපාර් ථමේන්තුවේ  මධ්‍යම පළාත් පශු වෛද්‍යවරයෙකු පැමිණ මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව වන අලි දෙදෙනා මියයෑමට හේතුව තීරණය කරනු ඇති බවට පොලිසිය පවසති.

මිනිපේ සිට හසලක දක්වා ඇති විදුලි වැය අක්‍රිය තත්වයේ පැවතීමත්, නිසි නඩත්තුවක් නොමැති කම හේතුවෙන් වසර පුරා මිනිපේ ගොවි ජනපදයට විශාල ලෙස වන අලි තර් ජනය එල්ල වී ඇති බවත්, එමගින් සාමාන්‍ය මිනිස් ජනජීවිත අඩාලව ඇති බවත්, ගොවිතැන් ආරක්ෂා කර ගැනිම සදහා රැය පුරා අවදිව දුක් විදිමට සිදු උවත් වන අලි රංචු පිටින් වගා භූමි ආක්‍රමණය කිරිමහේතුවෙන් ගොවිනැන් ආරක්ෂා කර ගැනිමට නොහැකිව ඇති බවට මියගිය අලි දෙදෙනා බැලීමට පැමිනෙන ගම්වාසීන් හා ගොවි ජනතාව චෝදනා කරති. වන අලි ගම්වැද විනාශයන් සිදු කරන අවස්ථාවේදී දුරකථන ඇමතුම් පිට ඇමතුම් ලබාදී පිහිටක් ඉල්ලා කථා කරනා විට නොපැමිනෙන නිළධාරින් අලි මරණයකදී රාජකාරි කිරිමට විශාල පිරිසක් පැමිණ ඇති බවටද එහිදී ඔහුන් චෝදනා නැගීය.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක වනජීවි කාර් යාලයේ  ප්‍රධානී වනසත්ව අඩවි ආරක්ෂක යු. පී රත්නායක මහතා ඇතුලු නිළධාරින් හා හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිලරත්න බංඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් කන්ඩායමක් පරික්ෂණ පවත්වති.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.