උණුසුම් පුවත්

අති දුෂ්කර ගම්මානයේ ගම්මුත් දැන් ගම අතහැර දමා යන තත්ත්වයක් උදාවෙලා …

වාසාදමා ඇති පාසල ප්‍රයෝජනවත් දේකට යොමු කරන්න

ජයලත් දිසානායක – බදුල්ල

පාසල් කියන්නේ ජාතියක් ගොඩනඟන අනාගත පරපුරක් බිහිකර තැනක්. පොලීස්,උසාවි , හිරගෙවල් අලුතින් ඉදිවෙන ලෝකයක, පාසලක් වැසියාම ජාතියේම ඛේදවාචකයකි. මේ කතාකරන්න යන්නේ ප්‍රවෘත්තියකින් එහාට ගිය සමාජට වැඩදායි මාතෘකාවක් ගැන මහජනතාවගේම අදහසක්.

වියලුව අධ්‍යාපන කලාපයට අයත් ඉටිතැම්පල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි කැලෑවට යටවී ජරාවාස වී විනාශයට පත්වෙන්න පටන් අරගෙන දැන් ටික කලක් වෙනවා.  එහෙම වුනේ එතන තිබුන ප්‍රාථමික විද්‍යාලය වහලා දාපු නිසා. නමුත් ජනතාව නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ භූමිය, ගොඩනැඟිලි නිකම්ම වල්බිහිවෙලා යන්න දෙන්නේ නැතුව ගමට වැඩදායි කිසියම් ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදාගන්නවනම් හොඳයි කියලා…

මීට අඩ සියවසකටත් පෙර ආරම්භ කළ මෙම විද්‍යාලයේ මුල් අවදියේදි සියයකට ආසන්න සිසු පිරිසක් මෙහි අධ්‍යාපනය ලැබූවා. එහෙත් ගම්මානයේ ජනගහනය කෙමෙන් අඩුවීම හේතුවෙන් විද්‍යාලයට ඇතුලත්වන ශිෂ්‍ය සංඛ්‍යාව ද වාර්ෂිකව පහත වැටෙන්නට පටන්ගත් බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
මීට වසර කිහිපයකට පෙර ශිෂ්‍ය සංඛ්‍යාව හතරක් දක්වා පහත වැටුණු අතර බලධාරින් ගේ කිසිම බැල්මක් විද්‍යාලය දෙසට නොවැටුන බව ප්‍රදේශවාසීන් හොදාකාරවම දන්න කාරණාවකි.. එම විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ අවසන් සිසුන් දෙදෙනාද ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉවත්කර වෙනත් පාසලකට ඇතුලත් කිරීමෙන් පසු විද්‍යාලය සතු ගොඩනැගිලි සියල්ල කෙමෙන් කෙමෙන් ජරාවාසවී කැලෑවට යටවී විනාශ වෙන්න පටන් ගෙන… ළමුන් නැති පාසලකට ගුරුවරුන් මොකටද කියන්නා වාගේ විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම ගුරු මණ්ඩලයද වෙනත් පාසැල්වලට අනුයුක්ත වෙලා ගිහිල්ලා.
ඉටිතැම්පල ගම්මානය අති දුෂ්කර ප්‍රදේශයක් මාර්ග පහසුකම් ඇතුථ පොදු පහසුකම්ද කිසිවක් මේ ගම්මානයේ නැහැ. ඉතිං ළමයින් පාසල අතහැර ගියා විතරක් නොවෙයි දැන් දැන් ඒ ගමේ ගම්මුන්ද ගම අතහැර යන්න පටන් අරගෙන තියෙනවා.. ඒ තරමටම ගම අන්ත දුෂ්කර ගමක්..
කෙසේ වෙතත් මේ පාසැල් ගොඩනැගිලි යලිත් පාසලක් සඳහා යොදාගැනීම අවිනිශ්චිත බව සැබෑවකි. නමුත් ගම්මානයේ වෙසෙන සුළු පිරිසට හෝ කිසියම් ජීවන මාර්ගයක් උදාකරන කර්මාන්ත ශාලාවක් හෝ වෙනත් පොදු කටයුත්තක් සිදු කරනවානම් ගම දියුණුවෙන, පිංසිද්ධ වෙන වැඩක් කියලයි ජනතාව මීගහකිවුල ප්‍රාදේශීය සභාවෙනුත් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඉල්ලා සිටින්නේ..

බලධාරීන්ගේ අවධානය පිණිසයි

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.