දකුණු අධිවේගයට නව සුඛෝපභෝගී බස් රථ 10ක්…

මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව කොළඹ, ගුවන් තොටුපොළ (කටුනායක) හා කඩවත දක්වා මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම සුඛෝපභෝගි බස් රථ 10  අම්බලන්තොට,  තංගල්ල හා හම්බන්තොට ප්‍ර වේශ තුළ සිට ඉහත කී ස්ථාන කරා ධාවනය කිරීමට නියමිතය.

මෙහි පළමු අදියර යටතේ ඉහත සඳහන් කළ ස්ථානවල සිට සුඛෝපභෝගී බස් රථ 03ක් මගී ප්‍රවාහණය  සඳහා යෙදවීමට නියමිතය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.