රුපියල් කෝටි තුනකට ආසන්න කේරල ගංජා තලෙයි මන්නාරමේදී අත්අඩංගුවට…

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 205 ග්‍රෑම් 440ක් ප්‍රවාහනයට සුදානම් කරමින් සිටි සැකකරුවෙකු තලෙයිමන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (22) දින අත්අඩංගුවටගත් බව පේසාලෙයි පොලිසිය පවසයි.

පේසාලෙයි පොලිස් විශේෂ කාර්යන්සයට ලද බුද්ධි තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් විසින් තුල්ලුකුඩිඉරිප්පු, වසන්තපුරම් ප්‍රදේශයේ පිහිටි පොල්වත්තක සිදුකළ සෝදිසි වැටලීමකදී අදාල කේරල ගංජා තොගය වතුර ටැංකියක් තුල සඟවා තිබියදී සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මන්නාරම් මුහුදුට ගෙනැවත් දකුණු ප්‍රදේශයට බෙදා හැරීමට සුදානම් කොට තිබියදී මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පැවසීය.

ගංජා තොගය සමඟ තලෙයි මන්නාරම වසන්තපුරම් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කලෙක පටන් ජාවාරම සිදුකොට ඇති බවටත්  ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පේසාලෙයි පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හා ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.