වෙබ් අඩවි වල ප්‍රචාරය වන මඩ නවත්වන්න කෝටියක කප්පම් ඉල්ලයි…

මන්ත්‍රි ගෙන් කප්පන් ඉල්ලු අය අල්ලයි
අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ගෙන් රැපියල් කෝටියක කප්පන් මුදලක් ලබාගැනිමට තැත්කල පුද්ගලයෙකු පසුගිය 21 වැනිදා අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාම් මරුසු නම් පුද්ගලයෙකි.ඔහු කැකිරාව බණ්ඩාර පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ඉලක්ක කර ගනිමින් වෙබ් අඩවි වල ඔහුට විරුද්ධව සිදු කරනු ලබන මඩ ප්‍රචාර වළක්වා ගැනීමට නම් රුපියල් කෝටියක කප්පමක් ලබා දෙන ලෙසත්, එසේ ලබා දෙන්නේ නම් එම මඩ ප්‍රචාර සිදු කිරීම නවත් වන බවත් පවසමින් මන්ත්‍රීවරයාට දිගින් දිගටම දුරකථක ඇමතුම් ලබා දෙමින් මෙම පුද්ගලයා විසින් බලපෑම් කර ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳ මන්ත්‍රීවරයා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට පැමිණිලි කර ඇති අතර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මන්ත්‍රීවරයා උපාය ධූතයෙකු ලෙස යොදවාගෙන අදාළ පුද්ගලයා නීතියේ රැහැනට කොටු කර ගැනීමට කටයුතු කරන ලෙසට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට උපදෙස් ලබා දී තිබිණි.
අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ මෙහෙයවීම යටතේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුලු පොලිස් නිලධාරීන් සමඟ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 05ක මුදලක් අත්තිකාරම් මුදලක් ලෙස ලබා දීමට ඊයේ රාත්‍රියේ (21) කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ නිවසකට ගොස් තිබේ.
එහිදි පොලිස් නිලධාරින් විසින් සැකකරැ අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරැ අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.