උණුසුම් පුවත්

උත්තම හරසර පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ පිළියන්දල නගරශාලාවේදි..

ගීත ගායනා කරන්න කැමැති වැඩිහිටියන්ට ආරාධනා...

වැඩිහිටියන් වෙනුවෙන් උපහාර උළෙලක් සහ ගීත ප්‍රසංගයක් මෙම මස 29 වෙනිදා පිළියන්දල නගර ශාලාවේදී පැවැත්වේ.. සිසු සෙවන සංවිධානය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන, ඉදිරියේදී ගමින් ගමට පැවැත් වීමට කටයුතු කරන බව දන්වා සිටීයි. රටක් හමුවේ වැඩිහිටියක් විහිළුවටත් හාස්‍යටත් පත් නොකර, තරඟයකින් තොරව ගීත ගායනයට කැමැති සෑම වැඩි හිටි පුද්ගලයෙකුටම ගීතයක් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබදීම මෙම සංවිධානයේ තවත් අරමුණකි.

ඉගෙන සිප් සොඳසේ
සිටී බලවත් වයසේ
මට මහළු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ.

ගුත්තිලයේ මෙහෙම තිබුනත් ලොවක් තනන්නට උරදුන් අපේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ වැඩිහිටියන්ට තරුණයන්ටත් වඩා හොදට තාමත් ගීත ගායනයට නර්තනයට සංගීතයට හැකියාව තියෙනවා. කාලයෙන් ශරීරය අවරට ගියත් හැකියාවේන් හිතින් තාමත් සෞදර්යවාදීන් බව රහසක් නොවේ.
අපේ වැඩිහිටියන්ට සළකන්න දිනයක් වෙලාවක් දින දර්ශනයේ වෙන්කිරිම අභාග්‍ය සම්පන්න දෙයකි. එහි යටිපෙළ අරුත අපිට වැඩිහිටියන්ට සලක්නන වෙලාවක් නැති බව නොවේද.? මෙය සමාජයක් හමුවේ අපි කොයිතරම් දුරට අධාර්මික වෙලාද? කොයිතරම් දුරට ගුණමකුවෙලා ද? ඔබම හිතා බලන්න.
බුදුන් වහන්සේ මංගල කාරනයක් ලෙස දේශනාකරපු මා-පිය උපස්ථානය ඉටු නොකිරිමෙන් සමාජයක් විදිහට පරිහානියට යන ආකාරය කණගාටුදායකය. එවැනි සමාජයක සිසු සෙවණ සංවිධානයෙන් සංවිධානය කරන මෙම කටයුත්ත පුණ්‍යමය කටයුත්තක් සේ සැළකිය හැකිය.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.