උණුසුම් පුවත්

නූතනයේ ලාංකේය සිනමාව සහ ප්‍රචාරණය පට්ට ගෝත්‍රිකයි….

ලියැවිල්ල – අරුණ පත්තිනිගේ

මෑත ඉතිහාසයේ සිනමා නිර්මාණ දෙස මැදිහත් සිතින් බලන්නට හැකිනම් සියල්ල තුලම කිසියම් ගෝත්‍රිකවාදි ලක්ෂණ මතුවෙමින් තිබෙන බව පැහැදිලිය. මෙසේ වීමට ප්‍රධානතම හේතුන් දෙකක් ඉදිරිපත් කළ හැකිය. පලමුවැන්න නම් කුමක් හෝ නිර්මාණය කර එයට පැහැදිලි බහුතරයකගේ ජනවිඥාණයට ආමන්ත්‍රණය කරන ලේබලයක් ඇලවීම දෙවැන්න ඒ බහුතරය උදෙසාම චිත්‍රපටිය නිෂ්පාදනය කිරිම… මේ කපටි ගෝත්‍රික ලක්ෂණ තුලින් ඉෂ්ට වෙන්නේම ජනතාව අන්දා නොරිදෙන්නට දත ගැලවීමය.. මෙම කණගාටුදායක පටු මානසික වටපිටාව තුල සිනමාව පසුපසට මිසක් ඉදිරියට ගමන් කරන්නට නම් ක්‍රමයක් නැත.. ලංකාවේ මෑත යුගයේ සිනමා අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් තම නිර්මාණයට ඔළුගෙඩි ගනින්නේ ඉතාම ප්‍රාථමික සමීකරණයකට අනුවය.

උදාහරණ:

ලංකාවේ සියයට හැත්තෑවක් බෞද්ධ ජනතාවක් ඉන්නවා බුදුන් වහන්සේගේ අහවල් කතාව නිෂ්පාදනය කළොත් මෙච්චර ගාණක් උපයාගන්න පුළුවන්.

ලංකාවේ මෙච්චර අන්තවාදි සිංහලයෝ ඉන්නවා. ඔවුන්ට ධර්මපාලතුමා, පුරන්අප්පු, කැප්පෙට්ටිපොළ, ඇහැලේ පොළ වගේ චරිත යක් ගැන චිත්‍රපටියක් නිෂ්පාදනය කළොත් මෙච්චරක් උපයන්න පුළුවන්…

රවණා ඇතුළු ඉතිහාසය පිළිබද උනන්දු මෙච්චර පිරිසක් ඉන්නවා ඔය කවුරුන් හරි ගැන චිත්‍රපටියක් කරන්න පුළුවන්නම් මෙච්චර ප්‍රමාණයක් උපයන්න පුළුවන්…

ලංකාවේ මෙච්චර පාසල් ළමුන් ඉන්නවා මෙන්න මේ වගේ අලියා බල්ලා බූරුවා දාලා හැදුවොත් මෙච්චර උපයන්න පුළුවන්.

ලංකාවේ මෙච්චර සාමාන්‍ය පෙළ කරන සිසුන් ඉන්නවා ගුත්තිලය, සැළලහිනිය වැනි සිනමා නිර්මාණයක් කරන්න පුළුවන් නම් මෙච්චර උපයන්න පුළුවන්.

ලංකාවේ ක්‍රීකට් ඇතුළු ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන පිරිස් මෙච්චර සිටිනවා ක්‍රීඩාව ගැන සිනමා නිෂ්පාදනයක් කලොත් මෙච්චර උපයාගන්න පුළුවන්

ඉහත ආකාරයට ජාතිය, ආගම, විප්ලවය, වීරත්වය , ළමා මනස, සහ අධ්‍යාපනය පිළිබදව කොටස් වශයෙන් බෙදා ස්ථීර වෙළද පොළකට සිනමා නිර්මානයක් කිරිම ගැන සමාව දිය හැකි වුවත් පක්ෂ කේන්ද්‍ර කොටගෙන ඇති සාමාජික සංඛයාව මත සිනමා නිර්මාණ කිරීම ගැනනම් එකඟ විය නොහැක.. එය ඒ තරම්ම පටු ගෝත්‍රික මිනුම් දණ්ඩකි.. ඉතාම වැරදි ඔළුගෙඩි ගනනය කිරීමකි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ ලක්ෂ 35 කට ආසන්න සංඛ්‍යාවක් සිටින හෙයින් ඩි. එස් සේනානායක මහතා ගැන චිත්‍රපටියක් නිර්මාණය කිරිම තුලින් බොක්ස් ඔෆීස් ආදායමක් වාර්තාකර ගත හැකියැයි සිතීම.

ලක්ෂ පහකට ආසන් ප්‍රමානයක් ජනතා විමුක්ති පෙරමුනේ පාක්ෂිකයි සිටින නිසා විජේවීර මහතා ගේ ජීවිත කතාව සිනමා වට නැගුවහොත් අඩුම මෙච්චර ගානක් උපයන්න පුළුවන් යැයි සිතිම..

නමුත මේ මිනුම් දඩු උපයෝගි කරගෙන නිෂ්පාදනය කළ බෝහෝ සිනමා කෘති අති අසර්ථක ගනයට අයත් වුණ සිනමා කෘතීන්ය.. අඩුම සමහර චිත්‍රපටි ජනතාව විසින්ම හිතා මතාම වර්ජනය කරපු ස්වභායක් පැහැදිලිව දකින්නට තිබුණි… නිෂ්පාදකයාට අවශ්‍යවන්නේ මුදල් නැවත එන ආකාරයක් සාක්ෂි සහිතවය. මෙම ක්‍රමය ව්‍යාජ ගනන් කිරිමක් වුවත් නිෂ්පාදකයා බලාපොරොත්තුවෙන ප්‍රමානයටත් වඩා ඉහලින්ය.  මෙම චිත්‍රපටි ඇත්ටම අසාර්ථක වුනේ මිනුම් දණ්ඩේ ඇති ගෝත්‍රික කම නිසා ම නොව, ඒ තුල අන්තර්ගතවු පටු චින්තන නිසාය.. ගෝලිය ලෝකය ගැන කතා කරන ගමන්ම දූපත් මානසිකත්වයෙන් යුතු සිනමා කෘති නිෂ්පාදනය කිරිම නොදන්නා කමට කරන දෙයක් නම් නොව… රටේ ජනතාවගේ බහුතර චින්තනය ගොදුරු කර ගැනීමට හිතා මතාම නිෂපාදනය කරන ඒවාය.  ඒ ඒ සිනමා කෘතිවලට ගැලපෙන අමු ගොං ප්‍රචාරන කලාවක්ද ඒ සමඟ එළිබහින්නේ ලාංකේස සිනමාවේ වර්තමාන තත්ත්වය ගැන අනේ අපොයි කියමින්ය..

මව් පොළවේ උරුමය රැකගැනීමට ඔබ නැරඹිය යුතුම සිනමා කෘතිය
ආගම්ක ලබ්දියෙන් යුතුව නරඹන්න
පහන් සංවේය පිනිස නරඹන්න
ජාතියේ පෞඩ ඉතිහාසය
හොඳම දේ දරුවන්ට
ත්‍රස්තවාදින්ගෙන් මව් පොළව බේරාගන්න

බැලු බැල්මටම මේ ප්‍රචාරන කලාවේ වැරැද්දක් නොපෙනුනත් ගොන්කම දැනෙන්නේ චිත්‍රපටිය නරඹද්දීය. අපි වැරදි ගනන් හැදිල්ලෙන් සහ පටු මානසිකත්වයෙන් අත්මිදුනු සිනමා අනාගතයක් ගැනි සිතිය යුතුය.. සිනමාව ගොඩගන්න ප්‍රේක්ෂකයින් ග්‍රහනය කරගන්න වෙනත් විකල්ප පාරක් සොයා ගත යුතුය. 2020 අලුත් ලෝකය තුල ලංකේය සිනමාව කර්මාන්තයක් ලෙස දියුණු කරන්නටනම් විකල්ප මාවතක සිනමාකරුවා ගමන් කළයුතුමය…..

ජනාධිපතිවරණය මුල්කරගෙනත් චිත්‍රපටි තැනෙන රටක  සිනමා ෂානර ගැන කතා කිරිම අනවශ්‍ය කාරනාවක් විය හැකිය. ෂානර අනුව ලෝක සිනමාව වර්ගිකරණයවෙයි. අධයක්ෂවරයා තොරාගන්නා ෂානරය දේශියත්වය, ජාතිකත්වය සහ සංස්කෘතික ලක්ෂණ වල අනන්‍යතාවය රඳවා ගනිමින් තමන්ගේ කතා පුවත ලෝකයටම පොදු මාතෘකාවක් බවට පත් කරයි. සිනමා කරුවාගේ කාර්යය එයයි. ආදරය මාතෘකාවක් ලෙස උදාහරණයකට ගතහොත් ඕනෑම රටකට ජාතියකට තම රටේ අනන්‍යතාවය රැකගනිමින් ප්‍රබල ආදර කතාවක් සිනමාව හරහා ඉදිරිපත් කළ හැකිය. මෙහිදි නිර්මානකරුවා ආදරය පොදු කුලකයක් බවට පත්කර තම අත්දැකිම අපුරත්වයෙන් යුතුව ලෝකයට ලබා දෙයි. ඕනෑම පුද්ගලයෙකුට රසවිදිය හැකිය.

2020 හාපුරා කියා ප්‍රදර්ශනය වු බොහෝ චිත්‍රපට වල මා ඉහත දැක්වු ගෝත්‍රික ලක්ෂණ අමු අමුවේම හිරි කිතයකින් තොරව ගිල්වා තිබේ…   සුනාමි රළ පහරින් ජාතිවාදය ඉස්මතු කළත්, පිටසක්වල ජීවින් ගැන කතා කර මහපොළවට මුසුවෙන වෛරස් ගැන කිව්වත්, පාස්කු ප්‍රහරයේ සෙවනැලි වලින් බෝම්බ පිපිරීම කතා කලත්,
මේ  සියල්ල විශ්වසනීයත්වයකින් තොර සිනමා කෘතීන්ය. සිනමා ප්‍රේක්ෂකයින් සිනමාවෙන් තවතවත් ඈත් වන්නට ඉවහල්වෙන්නේද මේ තාර්කිකත්වයකින් සහ විශ්වසනීයත්වයකින් තොර සිනමා කෘති බිහිවිම තුලය..

එය නිවැරදිව දිශාගත කිරිම රජයේ  වගකිමක් නොව සමස්ත සිනමාකරුවන්ගේම යුතුකමකි ..වගකිමකි…

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.