උණුසුම් පුවත්

හය වසරේ “ප්‍රභාසංශ්ලේෂණය” පාඩම දේශපාලඥයින්ට නැවතත් කියාදිය යුතුය…

මේ දිනවල රාජ්‍ය නිලධාරීන්ගේ අමුතුම පිඹිදීමක් දැකගත හැකිය. නීතිය නවන්නට කතා කරන දේශපාලඥයින්ගේ දනින් නොවැටී සෘජුව වැරැද්ද පෙන්වා නීතිය හෝ චක්‍රලේඛය ක්‍රියාත්ම කිරිමේ ප්‍රවනතාවයක් රාජ්‍ය නිලධාරියා කෙරෙන් විදහාමානවේ. මෙය රටක් සාමාජීය වශයෙන් ඉදිරියට යන්නට අවශ්‍ය මූලීක ලක්ෂණ පෙන්නුම් කරන සාධනීය තත්ත්වයකි. රටක පාලකයා නිතිය නොනමන සෘජු ගති පෙන්නුම් කරන තාක් කල් රාජ්‍ය සේවකයාද ඔහු අනුව යමින් ඔහුව අනුගමනයකරයි. නිදහසින් පසු ලංකාව පරිහානියට ඇද දැමු මේ 72 වසර පුරාම නිතියට ඉහලින් දේශපාලකයාද, දේශපාලකයාට ඉහලින් පුජකයාද වැජබෙන්නට යාම නිසා රට දිනෙන් දිනම අවුල් ජාලයක් බම් තරමකට හෝ දළ චිත්‍රයක් මවාගත හැකිය දිනෙන් දිනම ණයමතම යැපෙන රටක් ලොව කිසිදාක සංවර්ධනය වී නොමැවට පත්ව ඇත.. අද වෙනකොට මේ රට ලිහන්නට පොටක් සොයාගත නොහැකි තරමටම පැටලිච්ච නූල් බෝලයක් කිවහොත්  සත්‍යයකි. මේ රට දියුණු කිරිමට රාජ්‍ය නිලධාරීයා අත සුවිශේෂි වගකීම් රාශික්ම ඇත. හොරකම අල්ලස සහ අකාර්යක්ෂමතාවය යන කරුණු තුන තුන්බිය ලෙසින් ආයතන වෙලාගෙන සිටින තාක් රටක් ගොඩ ගැනීම සහ ගොඩනැඟීම සිහිනයකි..සමවිටම එවැනි සෘජු තිරණ ගන්නා සමස්ථ සමාජයක් ගොඩනගා ගත හැකිනම් කිසිවෙකුටවත් ඔහුගේ බල පරාක්‍රමයට නීතිය නවන්නට නොහැකිවනු ඇත සෑම විටම දේශපාලකයා ගේ කාර්ය සහ වගකීම එක් ජනකොටසක් මුල් කර ක්‍රියාත්මක විම නොව සමස්ථ රටේම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය කොටස් වශයෙන් වගකීම් සහ වැඩ බාරදෙන්නේ පරිපාලනයේ පහසුවට බව දේශපාලකයා අවබෝධ කරගතයුතුය ඔහු නියෝජනය කරන්නේ සමස්ත රටමය..

දේශපාලකයින් පනතකින් සම්මත කර ඇති සමහර රාජ්‍ය ආයතනවල ඇති බල අධිකාරිය නීති රිති චක්ක්‍රලේඛයන් පිළිබදව අබ මල් රේණුවක හෝ දැනීමක් ඇත්දැයි සැක සහිතය.. එසේ නොමැති නම් බබාලා සේ හැසිරෙන්නේ ඡන්දය කාකොටා ගැනිමේ පහත් අරමුණින්ම විය යුතුය. මේ අන්ත දෙක කොහොම විග්‍රහා කළත් මතුවන්නේ සමහර දේශපාලඥයින් ගේ සැබෑ  ස්වරූපයි.

සමෘදිධි නිලධාරීන් ගස්බදින මර්වින් ඇමතිවරයාට විරුද්ධවෙන්නට රාජ්‍ය නිලධාරින් එදා නොසිටීමේ විපාකය ඌව පළාත් මහ ඇමති චමරා සම්පත්  ගුරුවරු දනගස්වා අලුත්පාඩම් කියා දෙන්නට  වෙස්වලාගත් ආශිර්වාදයක් වූවාදැයි නොදනිමු. එම ක්‍රියාවලියේම දිගුවක් ලෙස සුවකළ නොහැකි ඇමැති වෛරසය  සනත් නිශාන්තටත් බෝවෙන්නට ඇතැයි අනුමාන කරන්නෙමු.  ක්‍රීඩා පිටියක් හදන්න රටක කඩොලාන විනාශ කරන්න වලිකන්නේ මොනතරම් නොමේරූ මනසක් ඇති පුද්ගලයන්ද වග සමාජ පුරාම ව්‍යාප්තව ගියේ ලැව්ගින්නකටත් වඩා වේගයකිනි..අඩුම හය වසරේ ප්‍රභාසංශ්ලේෂණය පාඩම හෝ දැන සිටියානම් ක්‍රිඩාකරන්නටත් ඔක්සිජන් අවශ්‍ය යැයි අවබෝධ වනු ඇත.. නමුත් අවාසනාවකට ඡන්දය කියන්නේ ඔක්සිජන් වලටත්වඩා ඇමතිවරයාට වටිනාදෙයකි. නුවරඑළියේ නිතිවිරෝධි ඉදිකිරිමක් ඉවත් කරන්න යන රාජ්‍ය නිලධාරියාට චන්ඩිපාට් දාන නවීන් දිසානායක විපක්ෂ මන්ත්‍රීවරයා බිම නිදාගැනිමට සැරසෙන්නේ යකඩ සිමෙන්ති වෙනුවෙනද? හෙන්චයියන් වෙනුවෙනද? රටවෙනුවෙන්ද ?යන්න තිරණය කිරීම ඔබට බාර කරන්නෙමු, දේපාලන පසුබිම කුමක් වුවත් මන්ත්‍රීවරයාගේ ගෞරව ක්ෂණයකින් විනාශවී ගියේ ඒ වියරු හැසිරීම නිසාය.. දැන උගත් දේශපාලඥයින් මීට වඩා ආදර්ශමත් ලෙස ප්‍රශ්න විසදීමේ සරල ක්‍රමයන් සොයාගත යුතුය..

නමුත් ඊලඟට රට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය නම් මේ රාජ්‍ය නිලධාරීන්ගේ මතු ආරක්ෂාවයි. සමාජ මාධ්‍ය හරහා පැයෙන් ඔසවා තබන නිලධාරීන් පසුව එන සෑම ප්‍රශ්නයකටම මුහුණ දිය යුත්තේ තනිවම ය. පුද්ගලිකවය. මේ කාරණාව පිළිබඳව සියලු අංශ අවධානයෙන් සිටිය යුතුය. මක්නිසාද යත් සතුරා පැමිණෙන වේශය කිසිවෙකුටත් කලින් නිගමනය කරන්නට නොහැකි නිසාය.

අතීතයේදි සිදුවුයේ දේශපාලඥයා විසින් රාජ්‍ය සේවකයා ගස් බැදීම නම්,  අනාගතයේදී සිදුවිය යුතුතේ  දූෂිත දේශපාලඥයින්ව  රාජ්‍ය සේවකයින්  විසින් ගස් බැද දැමීමයි…..

 

 

 

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.