උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අධිවේගී බසයක් ගිනි ගනී…

කොලඹ සිට අම්බලන්තොට දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබු ලංගම බසයක් අධිවේගී මාර්ගයේ ඉමදුව ප්‍රදේශයේ දී අද (01) හදීසියේ ගිනි ගෙන අනතුරට ලක්වු බව අධිවේගී මාර්ග පොලීසිය පවසයි.
අනතුරින් එහි ගමන් කල කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර අම්බලන්තොට ලංගම ඩිපෝවට අයත් බසය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබුණි.
අනතුර සිදු වන අවස්ථාවේ දී රියදුරු හා කොන්දොස්තර ඇතුළුව මගීන් 47 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත.ගින්න හට ගන්නා විටම ඔවුන් බසයෙන් බිමට බැස සිය ජීවිත බේරා ගැනීමට සමත් වී තිබේ.
අනතුරට ලක් වු බසය අලුතින්ම ගෙන්වන ලද බසයක් බවත් එය කිලෝ මීටර් දෙදහසක්වත් ධාවනය කර නොතිබුණු බව එම ස්ථානයේ රැදී සිටි ඩිපෝ සේවකයෙකු පැවසීය.
කෙසේ වෙතත් අධිවේගී මාර්ග පොලීසියේ දැනුම්දීම මත පින්නදුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයන්ම නිවා දැමීමට සමත් විය.
ගිනි ගැනීමට ලක්වු බසයේ පැමිණී මගීන් වෙනත් වාහන වලින් පිටත් කර යැවීමට පොලීසිය කටයුතු කලේය.
එම බසය වැඩිදුර පරීක්ෂණ සදහා ඉමදුව පොලීසිය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුණි.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.