දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළට..

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වේ .

ඒ අනුව 3/01 දින අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි .

මේ ආකාරයට පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට  , පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට  පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති , උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හදුනා ගෙන , ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .

කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් වේ .

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.