උණුසුම් පුවත්

ඇවිළෙනසුලුයි චිත්‍රපටිය මාර්තු 13 වෙනිදා සිට..

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ ඇවිළෙනසුලුයි චිත්‍රපටිය මාර්තු 13 වෙනිදා සිට තිරගත වීමට නියමිතව ඇත… ශ්‍යාම් ෆර්නැන්ඩු සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපනය කරයි. රෝඞ් ත්‍රිලර් ගනයට අයත් සිනමා ෂානරයෙන් ලංකාවේ අත්හදා බලන පලමු චිත්‍රපටය ලෙස ඇවිළෙන සුලුයි චිත්‍රපටයට හදුන්වාදිය හැකිය.

කොළඹ සිට හම්බන්තොට දක්වා මිනියක් ප්‍රවහනය කරන පුද්ගලයෙකුට අතර මඟ මුණ ගැහෙන මිනිසුන් සමඟ හුව මාරු කරගන්නා ජීවිත අත්දැකිම් ඇවිළෙන සුලුයි සිනමා කෘතියට පාදකවී ඇත.
සීමීත චරිත යොදාගෙන අසීමිත සිනමා ගුණයකින් යුතු සිනමා කෘතියක් නිර්මාණය කිරිමට චින්තන ධර්මදාස උත්සහ කර ඇත.

පවතින සාම්ප්‍රදායික සිනමා බාවිතයකින් කිසි කලක ලාංකේය සිනමාවක් බිහිකරන්නට බැරිබව  දිගින් දිගටම අපි විසින් පෙන්වාදුන් වාර අනන්තය. සිංහල සිනමාව බිහිවුදා පටන්ම කොහේ හෝ සම්ප්‍රදායකට අනුව සිංහල සිනමාව දක්කාගෙන ගියා මිස, ලාංකේය පොළවට ගැලපෙන මේ සංස්කෘතික මිනිසාට ගැලපෙන සිනමාවක් ගොඩනගන්නට බොහෝ දෙනෙක්ට අවශ්‍යතාවක් තිබුනේ නැත. ඉතාමත් සීමිත පිරිසක් ලාංකේය සිනමාවක් ගොඩනගන්නට කැපවුණු අතර ඔවුන්ගේ උත්සහය යම් ප්‍රමාණයකට මේ පොළවට මුල් අද්දවා තිබුනත් ඉන්පසු පැමිනි සිනමාකරුවන් නැවතත් ලෝක සිනමාව ගුරු කොට ලෝසිනමාවේ හැඩ අනුව යළිත් ක්‍රියාත්මක විමත් නිසා ලාංකේය සිනමාව කණාටුවී ගොස් ඇත…

චින්තන ධර්මදාසගේ මේ උත්සහය ලංකාවට ගැලපෙන සිනමාවක් ගොඩනගන්නට බව පැහැදිලිය. ඔහුගේ සිනමා උත්සහයට අපි හදවතින්ම සුබ පතනවා.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.