උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක තුනකින් කොඩිය විසිවෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂයේ දිස්ත්‍රික්ක තුනක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.
කොළඹ, කුරුණැගල සහ කළුතර යන දිස්ත්‍රික්ක වල මෙසේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව කොළඹින් තරඟ වැදීමට බලාපොරොත්තුවු හිටපු අමාත්‍යවරයෙකුවන ජිවන් කුමාරණතුංග මහතාට  ඇතුළු එම නාමයෝජනා ලැයිස්තුවට මෙවර පාර්ලිමේන්තුවට තරග කිරිමට ඇති අවස්ථාව අහිමිවි ගොස් තිබේ.
කුරුණැගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කළ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලබඩඅත්තේ ඥානසාරහිමියන් ඇතුළු එම ලැයිස්තුවට අත්සන් කල කිසිවෙකුටවත් මෙවර පාර්ලිමේන්තුවට තරඟ කළ නොහැකිය..

ප්‍රතික්ෂේපිත නාමයෝජනා ලැයිස්තු පිළිබදව නැවත සලකා බැලීමක් කරන ලෙස අපේ ජනබල පක්ෂය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.