උණුසුම් පුවත්

බුදුල්ලේ අසරණ සුනඛයින්ට පොලිසියේ කරුණාව..

ජයලත් දිසානායක – බදුල්ල

ඇඳිරි නීතිය පැනවීමත් සමග බදුල්ල නගරයේ නිදැල්ලේ සැරි සරමින් සිටි සුනඛයින් රැසක් ආහාර හිඟයකින් පසුවූ අතර එම සත්වයින්ට ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් බදුල්ල පොලීසියේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.
බදුල්ල නගරයේ නිදැල්ලේ සැරි සරනා මෙම සුනඛයින් ආහාර ලබාගැනීමට පුරුදුව සිටින්නේ නගරයේ ඇති හෝටල් වලිනි. පවතින ඇඳිරි නීතියත් සමග සියථම කඩ සහ ආපනශාලා වසා දැමීම හේතුවෙන් සුනඛයින්ට මෙම ආහාර හිඟවීමේ තත්වය උද්ගතවී තිබූ අතර
බදුල්ල කොට්ඨාශ සහකාර පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බදුල්ල නගරයේ තරුණ පිරිසක් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් එම සුනඛයින්ට ආහාර ලබාදීම සඳහා වැඩ පිළිවෙලක් දියත් කෙරුණි’
මෙම සත්ක්‍රියාවේදී නගරයේ සිටි විශාල සුනඛයින් පිරිසකට ආහාර ලබාදීමට හැකිවූ බවත් ඇඳිරි නීතිය පහව යන තුරු මෙම සත්වයින්ට ආහාර ලබාදීමට කටයුතු කරනා බවයි සහකාර පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා සඳහන් කලේ

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.