උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

Covid 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව මඟින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Covid 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙරට පළවෙනි රෝගියා හමුවීමත් සමඟ ජනාධිපතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය බුද්ධි සේවාව මඟින් වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා ඍජු දායකත්වයක් ලබා දෙන බවත්, ඔවුන්ගේ මෙහෙය සුවිශේෂී බවත්, අනිකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී රෝගය මැඩලීමට සුවිශේෂී දායකත්වයක් දක්වන එකම රට ශ්‍රී ලංකාව වන බවත්, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටි.

මෙරට පළමු COVID-19 අසාදිත චීන කාන්තාව ජනවාරි 27 වන දින හමුවීමත් සහ පසුගිය 11 වන දා මෙරට පළමු ශ්‍රී ලංකික COVID – 19 අසාදිත පුද්ගලයා හමුවීමත්, ඒ අනුව මේ වන තෙක් රෝගීන් 147 දෙනා පිලිබඳ වැදගත් දත්ත විශ්ලේෂණයක් සිදු කර ඇති බවත් වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බළධාරීන්, වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්යය මණ්ඩල, රෝහල් කාර්යය මණ්ඩල සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතරම ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිරෝධායන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බව ද, ශ්‍රී ලංකා පොලීසිය විසින් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීමට සම්බන්ධ වී ඇති බව ද, සියලුම රාජ්‍ය ආයතන ද මිට සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටි.

රෝගියෙකු ලෙස තහවුරු කර ගැනීමෙන් අනතුරුව පළමුව ඔහුව හඳුනාගැනීමත්, දෙවනුව ඔහුව හුදෙකලා කිරීම හෝ ප්‍රතිකාර ලබා දීමත්, තෙවනුව ඔහු ඇසුරු කළ කණ්ඩායම සහ එම කණ්ඩායම් ඇසුරු කළ ඊළඟ කණ්ඩායම පිළිබඳව තොරතුරු සෙවීමත් සිදු වේ. මෙලෙස ඇසුරු කළ කණ්ඩායම් වල තොරතුරු සෙවීම රාජ්‍ය රාජ්‍ය බුද්ධි අංශයේ කාර්යය භාරය වන බව අජිත් රෝහණ මහතා කියා සිටි.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.